| එහි ස්ථානාධිපති බුද්ධික
බාලචන්ද්‍ර මහතා “විමසුම” ට පැවසුවේ, අදාළ පිරිස රඟපෑ
අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට ඉන්ටර්නෙට් ජාලය ඔස්සේද
ප්‍රසිද්ධ වී ඇති බවයි.
පළමු අදියරේදී ඊට සම්බන්ධ තරුණ තරුණයින් 19
දෙනෙකුගේ ඡායාරූප අධිකරණ අවසරය ඇතුව ප්‍රසිද්ධියට පත්
කර ඇති අතර මේ සමග පළ වෙන්නේ අදාළ පුද්ගලයින්ගේ
ඡායාරුපයි.
මෙම ඡායාරූපයන්හි පෙනී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන්
තොරතුරක් දන්නේ නම් 2444444 හෝ 2392489 යන දුරකතන අංක
වලට දැනුම් දිය හැකි බව පොලිස් ළමා හා කාන්තා
කාර්යාංශය පවසයි.
1983 අංක 23 දරණ අසභ්‍ය සංශෝධන පනත් කෙටුම්පත අනුව
තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව අදාළ පුද්ගලයන් ස්ව
කැමැත්තෙන් පෙනී සිටි බවට කාර්යාංශය විසින් අධිකරණයට
කරුණු දැක්වීමෙන් අනතුරුව මේවා ප්‍රසිද්ධ කිරීමට පියවර
ගෙන ඇති බව බාලචන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසීය. |